Monday, July 24, 2017

බුදු ගුණ අනන්තයි

නිහඬ බව රජ කරන
ඒ පාළු මඟ දෙපස
සිතේ භයංකර සිතුම්
පූදවයි කළු අඳුර
බුදුන් ගුණ සිහිවෙන්න
වැන්ඳෙමි දෙඅත් එක්කොට
වෙනද නොවැදූ වැඳුම්
අද පිහිට විය රැකෙන්නට 


Saturday, July 15, 2017

සෙනෙහසක මහිමය

විෂමයි කුරුරියි මේ ලෝ තලේ
ඉගෙනා ගන්නට බොහො දේ ඇතේ
සෙනෙහස මියැදී ඇති යම් දිනේ 
ඔබටත් වෙයි දිවි පුදනට පුතේ

කැලයේ ඉන්නා මහරජ මමයි
නුඹෙ අම්මා එහි මහ රැජිණයි
හිංසා කරනට කිසිවෙකු නැතෙයි
සිතනු එපා ඉන් අනතුරු වෙයි

මිනිසුන් තරමේ අපි නැහැ දරුණු
වනයට වී අපා ඉන්නේ සුවයේ
කරදරයක් කරනට නැහැ සිතේ
අපි ගැන අනුකම්වෙන් බලනු

පුත නුඹ දුව පැන කැලයේ ඇවිදා 
එනු විගසින් පිය බලන් හිඳේ
නුඹගේ නිවහන මා ලෙස හිතලා
ඇවිත් හිඳින් මගෙ තුරුලට වී


Thursday, June 15, 2017

අසම්මත ප්‍රේමය



ප්‍රේමයෙන් බැඳිමුත්
සිත් තැවුල් වූයේ කිමද?
පෙර කළ පවටදෝ මෙලෙස
වෙන්ව යන්නට වූයෙ
ජීවිතය රැඳි ඇත්තෙ 
ප්‍රේමයද කැටි වී නොවෙද?
එසේ නම් ඇයි මෙලෙස
ප්‍රේමයට බාධා ලොවේ
සංස්කෘතියට හැඩ ගැසුණමුත්
ප්‍රේමයෙන් පරාජිත වීය
තවත් මෙලෙසක 
අසම්මත පෙමක් 
දකින්නට යුතුම දෝ

Friday, June 9, 2017

නිවන් මඟ


රාග, ද්වේශ, මෝහය සිත්
ඇති මිහිතල මස්තකයේ
යළි භවයක් ලැබ ගන්නට
පෙරුම් පුරණ මිනිස්සුනේ
පින් පව් හඳුනා ගන්නට 
මොහොතක් සිත යොමු කරනේ
ඒ සැණෙකින් ලැබ සිත්සුව 
නිවන් දොරටු හැර ගන්නේ......








Monday, May 29, 2017

සඳක් වෙන්න


කිණිහිරියා මල් අතර
හිනහෙද්දි නුඹ එදා
දැනුණෙ නෑ හීනෙකුදු
නුඹ යාවි මෙලෙසින් මෙදා
පන්සලේ උඩ මළුවෙ
වැන්දෙ අවසන වැඳුම්දෝ
සැඩ පහර ඔබව ගෙන යන
බවම දැනුණා නිසාදෝ
ගෙයි පහන මව වුණිද
නුඹයි එහි ආලෝකෙ
අප හට
පතනෙමි දහස්වර නැගණියේ
අද වෙන්ව ගිය නුඹට
හැකිවෙන්න හැමකල්
රෑ අහස බබළන්න




Saturday, May 27, 2017

කොන්දොස්තර මහතා

රෝද හතර කැරකුණාට
මගියන් ගොඩවැදුණු ලෙසට
බැහැ රියදුරු මහත්මාට
සුක්කානම කරකවන්න

උදේ දවල් රෑ නොබලා
නෙත් දෙක හරිහැටි බලලා
මගිය දොරෙන් ගලවගන්නෙ
ජීවිත රැක ගන්නනේ

නඟින බහින මගී පෙළට
විටෙකදි දොස් පැවරුවාට
උණුවන හදවත ඇති ඔහු
අත්තම්මව බස්වවන්නෙ

ඉතිරිය රුපියලයි කියා
දෙන්නට අදි මදි කළාට
මදිවන රැපියල් දෙකකට
නැහැ මගියට දොස් නගන්නෙ

පාරෙ සිටින මගී පෙළම
බස් රථයට නග්ගාගෙන
සවස් කළට ඇණුම් බැණුම්
අසයි පුංචි නෝනලාගේ

ඇස් රතු කරගෙන නොඉදා
විටෙකදි සිනහව පතුරා
බස් රථයේ මගියා හට
රැකවරණය ලැබ දෙන්නේ


Tuesday, May 23, 2017

ගිහින් එනකං....

නෙත කඳුලු බිඳුවයි
ගලා හැලෙනා ලේ ධාතුවයි
අතර කරනා සටනකයි
අද මගේ දිවි ගෙවෙන්නේ
ගෙවන ජීවිත අරුත් ⁣ඇති දා
සඳ නැඟෙයි අමාවකදාත්
නුඹයි මගේ සඳ
දිවිය ඇති තුරු
රැක ගනිමි සටනෙහි වැදී
සත් දවසකින්
කියා නිම කළ
නොහැකි පෙම අද
හඬයි පෙරමං බලා
යන්න අවසර
දෙන්න මට අද
නු⁣ඹෙ සිනහවෙන්
සරසවා මා