Saturday, May 27, 2017

කොන්දොස්තර මහතා

රෝද හතර කැරකුණාට
මගියන් ගොඩවැදුණු ලෙසට
බැහැ රියදුරු මහත්මාට
සුක්කානම කරකවන්න

උදේ දවල් රෑ නොබලා
නෙත් දෙක හරිහැටි බලලා
මගිය දොරෙන් ගලවගන්නෙ
ජීවිත රැක ගන්නනේ

නඟින බහින මගී පෙළට
විටෙකදි දොස් පැවරුවාට
උණුවන හදවත ඇති ඔහු
අත්තම්මව බස්වවන්නෙ

ඉතිරිය රුපියලයි කියා
දෙන්නට අදි මදි කළාට
මදිවන රැපියල් දෙකකට
නැහැ මගියට දොස් නගන්නෙ

පාරෙ සිටින මගී පෙළම
බස් රථයට නග්ගාගෙන
සවස් කළට ඇණුම් බැණුම්
අසයි පුංචි නෝනලාගේ

ඇස් රතු කරගෙන නොඉදා
විටෙකදි සිනහව පතුරා
බස් රථයේ මගියා හට
රැකවරණය ලැබ දෙන්නේ


No comments:

Post a Comment